Tuesday, May 14, 2024

General line - 0115112241

සේවක හිගයෙන් නැවතුනු දුම්රිය හෙට සිට ධාවනයට




උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන්ගේ ගමනාගමන පහසුකම් සඳහා විශේෂ දුම්රිය ගමන්වාර 16 ක්ද හෙට සිට ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. 

එහි නියෝජ්‍ය ගමනාගමන අධිකාරි එන් ජේ ඉඳිපොලගේ පැවසුවේ සේවක හිගය හේතුවෙන් ඉකුත් දින කිහිපයේදී අවලංගු වූ දුම්රිය අතරින් උදෑසන 

07 ත් පස්වරු 05 ත් අතර කාලය තුළ අවලංගු වූ දුම්රිය ගමන්වාර සියල්ල ද හෙට සිට ධාවනයට එක් කරන සිදුකරන බවයි. 

උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ ධාවනය වන දුම්රිය ගමන්වාර අධීක්ෂණය සඳහා සහකාර ප්‍රවාහන අධිකාරිවරයෙකු ද පත් කර ඇති බවයි දුම්රිය ගමනාගමන අධිකාරි එන් ජේ ඉඳිපොලගේ පැවසුවේ.