Tuesday, May 14, 2024

General line - 0115112241

එක් ආසනයක් හිමිවුවත් පළාත් පාලන ආයතන සභාපතිකම හිමිකර ගත හැකි - එජාපය




පළාත් පාලන ආයතනයක එක් ආසනයක් හිමිවුව ද එහි සභාපති තනතුර හෝ උප සභාපති තනතුර හිමිකර ගැනීමේ හැකියාව පවතින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන පවසනවා.  

පාර්ලිමේන්තුවේ එක් අසුනක් හිමි පක්ෂයකින් ජනාධිපතිවරයා පත් කර ගැනීමට හැකිනම් මෙලෙස එක් ආසනයකින් පළාත් පාලන ආයතනයක සභාපතිධූරය ලබාගැනීම එතරම් අපහසු නොවන බවයි ඔහු සඳහන් කළේ.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන අනෙකුත් කිසිඳු පක්ෂයක් තම පක්ෂයට අභියෝගයක් නොවන බවයි.

මේ අතර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීම ජය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සැලසුම් සහගතව කටයුතු කරන බවයි. 

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පැවසුවේ පළාත් පාලන මැතිවරණය ජය ගැනීම සඳහා ජාතික ජනබලවේගය සාර්ථකව කටයුතු කරන බවයි.