Saturday, May 18, 2024

General line - 0115112241

නිදහස් උළෙලට එරෙහිවත් කලු පටි විරෝධයක්




මහජන මුදල් විශාල වශයෙන් වැය කරමින්  නිදහස් උළෙල පැවැත්වීමට විරෝධය පළ කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු පිරිසක් අද ගාලුමුවදොර නිදහස් උළෙල පැවැත්වෙන ස්ථානයේදී විරෝධතාවක් සංවිධාන කර තිබුණා.

නිදහස් උළෙල සඳහා ඉදි කෙරෙන තාවකාලික ඉදිකිරීම් සඳහා සිටුවා ඇති යකඩ කණු මත කලු පටි ගැටගසමින් ඔවුන් එම විරෝධතාවයේ නිරත වුණා. 

කෙසේ වෙතත් එම විරෝධතාව පවත්වාගෙන යාමට පොලීසිය ඉඩ ලබා දුන්නේ නැහැ. එහිදී විරෝධතාකරුවන් සහ පොලිස් නිලධාරීන් අතර ඇතිවුණේ මෙවන් උණුසුම් සංවාදයක්.