Saturday, May 18, 2024

General line - 0115112241

විදුලි බිල වැඩි කිරීමට උසස් පෙළ සිසුන් බිල්ලට නොගන්න - පාර්ශව රැසකින් ඉල්ලීම්




විදුලිබිල වැඩි කිරීම සඳහා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ඇපයට නොගන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ලංකා විදුලිබල මණ්ඩල් ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානය පවසනවා.

එහි කැඳවුම්කරු රංජන් ජයලාල් පැවසුවේ විදුලිබල සහ ඛනිජ තෙල් යන විෂයන් දෙකම එකම අමාත්‍යවරයෙකු යටතේ පැවතියේදී මෙම ගැටලුව විසදීමට නොහැකි වීම කණගාටුදායක තත්ත්වයක් බවයි.

මෙම සිදුවීමට අදාළව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බවයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික පැවසුවේ.