Thursday, May 16, 2024

General line - 0115112241

වත්මන් ආණ්ඩුවට ජනතා සහයෝගය ගැන හෙළිදරව්වක්




වත්මන් ආණ්ඩුවට ජනතාවගේ සහයෝගය ඇත්තේ සියයට 15ක පමණ මට්ටමක බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. නිදහස ජනතා සභාව අද පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියාසිටියා.  

මේ අතර ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැණුනු අපේක්‍ෂක වියදම් සීමා කිරීමේ පනත් කෙටුම්පත මගින් මෙවර පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ උත්සාහය මැතිවරණ කොමිසමේ ක්‍රියාකාරිත්වය හමුවේ ඇහිරී ගොස් ඇති බව සමගි ජනබලවේගය පවසනවා.

එම පක්‍ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියාසිටියා.