Thursday, May 16, 2024

General line - 0115112241

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ප්‍රමාණවත් කඩදාසි තොග ඇති බව රජයේ මුද්‍රණාලය කියයි




මැතිවරණ කොමිසම මගින් පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර සකස් කර ඡන්ද පත්‍රිකා මුද්‍රණයට යොමු කිරීමෙන් අනතුරුව එම ඡන්ද පත්‍රිකා මුද්‍රණයට සූදානම් බව රජයේ මුද්‍රණාලය පවසනවා.

ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය කඩදාසි තොග සිය ආයතනය සතුව පවතින බවයි රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියාසිටියේ.

පළාත් පාලන මැතිවරණය සදහා අවශ්‍ය අනෙකුත් ලියකියවිලි මුද්‍රණ කටයුතු දැනටමත් රජයේ මුද්‍රණාලය මගින් සිදු කෙරෙන බවද ඇය වැඩිදුරටත් සදහන් කළා.