Tuesday, May 14, 2024

General line - 0115112241

නව පත්කිරීම් 05 කට උසස් නිලතල කාරකසභාවේ අනුමැතිය




නව පත්කිරීම් 05 ක් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරකසභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස චිත්‍රාංගනී වාගීස්වර පත්කිරීමටත්, ඊශ්‍රායලයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එම්.එච්.එම්.එන්.බණ්ඩාර පත්කිරීමටත් එම කාරකසභාවේ අනුමැතිය ලබාදී ඇති බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ නව ලේකම්වරයා ලෙස ගුණදාස අමරසිංහ පත් කිරීමට ද එහිදී අනුමැතිය හිමිව තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සී.පී.අතුලුවගේ සහ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස එන්.කේ.ඒ.ජී. නාරගලගේ පත්වීමට උසස් නිලතල කාරක සභාව අනුමත කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මෙම තීරණවලට එළඹ ඇත්තේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 20 වනදා උසස් නිලතල පිළිබඳ කාරකසභාව පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අවස්ථාවේදීයි.