Tuesday, May 14, 2024

General line - 0115112241

නීතිවිරෝධීව ගෙන් වූ සුඛෝපභෝගි ජීප් රථයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

බිමල් ශ්‍යාමන්




නීතිවිරෝධීව ආනයනය කර ව්‍යාජ ලියාපදිංචි අංකයක් සවිකර පරිහරණය කරමින් තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනා සුඛෝපභෝගී ජීප් රථයක් සමග පුද්ගලයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකාය පැවසුවේ  පිලියන්දල බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානය  අසලදී එම ජීප් රථය සමග සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරීවරයාට ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී ජීප් රථය පොලිස් භාරයට ගෙන ඇත්තේ. ව්‍යාජ ලෙස සැකසූ කූට ලේඛන කිහිපයක් ද සැකකරු සන්තකව තිබී සොයාගෙන තිබෙනවා.