Tuesday, May 14, 2024

General line - 0115112241

වෛද්‍යවරයෙකු පැනවූ නඩුවකින් පොලිස් නිලධාරියෙකුට අධිකරණයෙන් දඬුවම්




වෛද්‍යවරයකුට පහර දී පොලිස් සිර මැදිරියේ රඳවා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින තලංගම පොලිස් ස්ථානයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිව සිටි පොලිස් පරීක්ෂකවරයෙකුට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා.

ඒ, වෛද්‍ය හරේන්ද්‍ර ද සිල්වා ජයසිංහ විසින් ගොනු කල මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

වෛද්‍යවරයාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් රුපියල් 50,000 ක් වන්දි වශයෙන් සිය පෞද්ගලික මුදලින් ගෙවන ලෙසත් අධිකරණය විසින් අදාළ පොලිස් පරීක්ෂකවරයා වෙත නියෝග කළා.

ඊට අමතරව තවත් රුපියල් 50,000ක වන්දි මුදලක් පෙත්සම්කාර වෛද්‍යවරයාට ගෙවන ලෙසත් අධිකරණය විසින් රජයට නියෝග කර තිබෙනවා.