Saturday, May 4, 2024

General line - 0115112241

නුදුරේදීම න්‍යෂ්ටික යුද්ධයක් ? ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හදිසි දැනුම් දීමක් 




ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් විකිරණ හෝ න්‍යෂ්ටික හදිසි අවස්ථා සඳහා භාවිතයට ගනු ලබන ඖෂධ පිළිබඳව තොරතුරු ලැයිස්තුව යාවත්කාලින කර තිබෙනවා. 

ලෝක සෞඛ්‍ය සංවිධාන වෙබ් අඩවිය සඳහන් මේ බව සනාථ කරමින් මෙසේ සඳහන් කර තිබෙනවා.

" ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද විකිරණ සහ න්‍යෂ්ටික හදිසි අවස්ථා සඳහා වලදී ගබඩා කළ යුතු ඖෂධ ලැයිස්තුව, ඒවා සුදුසු ලෙස කළමනාකරණය කිරීම සඳහා වූ උපදෙස් සමඟ යාවත්කාලීන කරන ලදී. මෙම  ඖෂධ තොග විකිරණවලට නිරාවරණය වීම වැළැක්වීම හෝ අඩු කිරීම හෝ පුද්ගලයෙකු ඊට නිරාවරණය වූ පසු තුවාල වලට ප්‍රතිකාර කිරීම යන ඖෂධ මෙහි ඇතුළත් වේ." 

විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ, රුසියාව විසින් බටහිර රටවල් සමග යුද්ධයක් සිටින බවට යුරෝපා සංගමය සිදුකරනු ලැබූ අනතුරු ඇඟවීමෙන් පසු ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම උපදෙස් මාලාව යාවත්කාලින කිරීමට පියවර ගෙන ඇති බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් එම වාර්තාව තුල න්‍යෂ්ටික ව්‍යසනයකින් බේරෙන්නේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශයක් නිකුත් කර තිබෙන  'ද්වේෂ සහගත චේතනාවෙන් විකිරණ හෝ න්‍යෂ්ටික ආයුධ හිතාමතාම භාවිතා කිරීමට' එරෙහිව අනතුරු අඟවා තිබෙනවා.

යුක්රේනයට අමෙරිකාව සහ ජර්මනිය විසින් යුධ ටැංකි ලබාදීමට පියවර ගැනීමත් සමග රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බටහිර රටවල් සමග කෝපයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

ක්‍රෙම්ලිනය විසින් මෙම ක්‍රියා මාර්ග සම්බන්ධයෙන් නේටෝ සංවිධානයට චෝදනා එල්ල කරනු ලැබූවා. මෙය ගෝලීය ව්‍යවසනයට තුඩු දෙන කාරණාවක් වනු ඇති බවයි ක්‍රෙම්ලිනය වැඩිදුරටත් චෝදනා කර සිටින්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ වැඩබලන සහකාර අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය මරියා නීරා අනතුරු ඇඟවූයේ අද බොහෝ රජයන් න්‍යෂ්ටික හෝ විකිරණ ව්‍යසනයකට සූදානම් නැති බවයි.

ජනගහන සෞඛ්‍යය ආරක්ෂා කිරීමට සහ හදිසි අවස්ථාවන්ට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීමට රජයන් සූදානම් වීම අත්‍යවශ්‍ය වේ. අවදානම් අවම කරන සහ විකිරණවලින් ඇති වන තුවාලවලට ප්‍රතිකාර කරන ජීවිතාරක්ෂක ඖෂධ සූදානම් කර තිබීම මෙයට ඇතුළත් වන බවයි ඇය ප්‍රකාශ කර සිටියේ.