Saturday, May 4, 2024

General line - 0115112241

ජෙරුසලමේ දේවස්ථානයක වෙඩි තැබීමකින් පුද්ගලයින් 7ක් ජීවිතක්ෂයට




නැගෙනහිර ජෙරුසලමේ දේවස්ථානයක් තුළ සිදු වූ වෙඩි තැබීමකින් ඊශ්‍රායල ජාතිකයන් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය පැවසුවේ දේව මෙහෙයකට සහභාගී වී පිටව යමින් සිටි පිරිසකට පුද්ගලයෙකු විසින් වෙඩි තබා ඇති බවයි.

එම වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. එරට ආරක්ෂක අංශ විසින් වෙඩි තැබූ පුද්ගලයා ඝාතනය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු පලස්තීන ජාතික ත්‍රස්තවාදියෙකු බවටද වාර්තා වනවා.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා පැදවූ බවට සැකකෙරෙන මෝටර් රථයක් පිළිබඳවද එරට ආරක්ෂක අංශ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. 

එම වෙඩි තැබීමේ වගකීම පලස්තීන සටන්කාමීන් විසින් මෙතෙක් භාර ගෙන නැහැ. කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරයෙන් අනතුරුව ගාසා තීරයේදී පලස්තීන සටන්කාමීන් විසින් සැමරුම් උත්සවයක් පවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.