Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දියාවේදී ජෙට් යානා 2ක් එකිනෙක ගැටී කඩා වැටෙයි




ඉන්දියාවේදී ජෙට් යානා 2ක් එකිනෙකට ගැටීමෙන් සිදු වූ අනතුරකින් එක් යානයක සිටි නියමුවන් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. නවදිල්ලි අගනුවරට දකුණින් කිලෝමීටර් 300ක් පමණ දුරින් වූ ප්‍රදේශයේදී පුහුණුවීම්වල නිරතව සිටි ජෙට් යානා 2ක් එලෙස අනතුරට ලක්ව කඩා වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එක් ජෙට් යානයක සුන් බුන් සොයාගෙන ඇත්තේ වනාන්තර ප්‍රදේශයක තිබියදී බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කර සිටියේ. මෙම අනතුරින් එක් යානයක සිටි ගුවන් නියමුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

අනෙක් ගුවන් යානයේ සිටි නියමුවන් දෙදෙනා අනතුර සිදුවු අවස්ථාවේදී හදිසි පිටවීම් ආරක්‍ෂිත ක්‍රමවේදය හරහා ඉන් පිටතට පැන ඇති අතර ඔවුන්ව මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර ඇත.

උඩු ගුවනේදී සිදුවූ මෙම අනතුර සම්බන්ධයෙන් ඉන්දීය ගුවන් හමුදාව විසින් මේ වන විට පුර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි එරට මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.