Friday, May 3, 2024

General line - 0115112241

යුක්රේනයේ ඇති රුසියානු වත්කම් හමුදාවට දෙන බව යුක්රේන ජනපති කියයි




සිය රටේ පවතින රුසියානු හා බෙලරූස් රාජ්‍යයේ සමාගම් 182 කට සම්බාධක පනවන බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි පවසනවා.  

සිය රටට එරෙහිව ගෙන යන යුද්ධය හා විදෙස් සම්බන්ධතා අවහිර කිරීමට එරෙහිව රුසියාව හා බෙලරූස් රාජ්‍යයේ සමාගම් සඳහා සම්බාධක පනවන බවද යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කළා.

ඒ අනුව අදාළ සමාගම්වල යුක්රේනයේ පවතින වත්කම් අවහිර කරන බව ද යුක්රේන ජනාධිපතිවරයා පවසනවා. එම සියලු වත්තම් යුක්රේනයේ ආරක්ෂාව සහ හමුදාව වෙනුවෙන් භාවිත කරන බවයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් ස්ලෙනෙස්කි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.