Saturday, May 4, 2024

General line - 0115112241

රාත්‍රී සමාජ ශාලාවක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් අට දෙනෙකු මරුට




උතුරු මෙක්සිකෝවේ ජෙරෙස් නගරයේ රාත්‍රී සමාජ ශාලාවක සිදුවූ වෙඩිතැබීමෙන්  පුද්ගලයන් අට දෙනෙකු
මියගොස්  තිබෙනවා.

මෝටර් රථ දෙකකින් ආයුධ සන්නද්ධව පැමිණි මෙම පිරිස සිදු කළ වෙඩි තැබීමෙන්  තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බවයි  විදෙස් වාර්තා කරන්නේ.

මෑත කාලයේ දී ප්‍රචණ්ඩකාරී ක්‍රියා දිගටම වාර්තා වූ නගරයක් වන මෙය මත්ද්‍රව්‍ය ජාවාරම් වල ප්‍රධාන මධ්‍යස්ථානයක් වේ.