Monday, May 13, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට පෙර බංග්ලාදේශයට IMF මුල්‍ය සහනය හිමිවෙයි 




ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම යටතේ බංග්ලාදේශයට අමෙරිකානු ඩොලර් බිලියන 3.3ක ණය මුදලක් අනුමත කර ඇති බව නිවේදනය කර සිටිනවා.

ඒ අනුව එම ණය මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 476ක් ක්ෂණිකව මුදා හැරීමටයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තීරණය කර ඇත්තේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අලුතින් නිර්මාණය කරන ලද ඔරොත්තු දීමේ සහ තිරසාර පහසුකම යටතේ අමෙරිකානු බිලියන 1.4 ක අනුමත කරන ලද පළමු ආසියානු රට බංග්ලාදේශයයි.

මාස 42 ක වැඩසටහන සාර්ව ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කිරීමට, අවදානමට ලක්විය හැකි අය ආරක්ෂා කිරීම මෙමගින් හැකියාව ලැබෙන බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

“නිදහස ලැබීමෙන් පසු බංග්ලාදේශය දිළිඳුකම අවම කිරීම සහ ජීවන තත්ත්වයන් සැලකිය යුතු ලෙස වැඩිදියුණු කිරීම සඳහා ස්ථාවර ප්‍රගතියක් ලබා ඇත. කෙසේ වෙතත්, COVID-19 වසංගතය සහ පසුව යුක්රේනයේ රුසියාවේ යුද්ධය මෙම දිගුකාලීන ශක්තිමත් ආර්ථික ක්‍රියාකාරිත්වයට බාධා කළේය. එම බහුවිධ ගැටළු හේතුවෙන් බංග්ලාදේශයේ සාර්ව ආර්ථික කළමනාකරණය අභියෝගාත්මක කර ඇති" බවයි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල නිවේදනයේ සඳහන් කර ඇත්තේ.