Saturday, May 11, 2024

General line - 0115112241

පළාත් පාලන ආයතන කිහිපයක් විසුරුවා හැරීමට රජයේ අවදානය




පළාත් පාලන ආයතන කිහිපයක් විසුරුවා හැරීම කෙරෙහි අවධානය යොමුව ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා. ඒ සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍ය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ද සාකච්ඡා කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

ඒ අනුව වංචා හා දූෂණ ක්‍රියාවන්ට සම්බන්ධ පළාත් පාලන ආයතන නීති උපදෙස් ලබාගනිමින් විසුරුවා හැරීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර නෙත් නිවුස් වෙත සඳහන් කළේ.

මේ අතර පළාත් පාලන ආයතනවල දේපළ මැතිවරණ කටයුතු සඳහා යොදාගන්නා බවට ඉකුත් දින කිහිපය තුළ නිරීක්ෂණ සංවිධාන චෝදනා කළා.

ඒ සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමට පිළිතුරු ලබාදෙමින් පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ මැතිවරණයට අගතියක් වන කිසිදු ක්‍රියාවක් සිදුනොකරන ලෙසට තමන් පළාත් පාලන මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇති බවයි.

මේ අතර පළාත් පාලන ඡන්ද විමසීම මාර්තු මස 09 වැනි දා උදෑසන 7.00 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වෙන බව ගැසට් නිවේදනයක් මගින් මේවනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.