Monday, May 13, 2024

General line - 0115112241

අධික ශීත කාලගුණය මැද තුර්කි සහන මෙහෙයුම් පැය 100 පනී




තුර්කියේ භූමිකම්පාවෙන් පසු ආරම්භ කළ සහන මෙහෙයුම් මේ වන විට පැය සියයේ සීමාව ඉක්මවාගොස් තිබෙනවා. එහෙත් සහන මෙහෙයුම් අවසන් කිරීමට මේ දක්වා හැකිවී නැහැ.

කෙසේවෙතත් පැය 100 ක් පමණ ගතවී ඇති බැවින් සුන්බුන් අතර සිටින පුද්ගලයින් සම්බන්ධයෙන් බලාපොරොත්තු තබාගත නොහැකි බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පවසන්නේ. සහන මෙහෙයුම්වලට එක්ව සිටින පිරිස ලක්ෂයකට අධිකයි. වාහන හිඟය සහ මාර්ග විනාශවීම හේතුවෙන් සහන මෙහෙයුම්වලට එල්ලකර ඇත්තේ තවත් බාධාවක්.

භූ කම්පනයෙන් මේ දක්වා මියගොස් ඇති මුළු සංඛ්‍යාව 20,000 කට අධිකයි. එහෙත් අවසන් සංඛ්‍යා ලේඛණ මෙය නොවිය හැකි බවයි සහන සේවකයින් පවා පවසන්නේ. කෙසේවෙතත් අධික ශීත කාලගුණය හේතුවෙන් සහන මෙහෙයුම්වලට අලුතින් එල්ලකර ඇත්තේ දැඩි බලපෑමක්.

මේ හේතුවෙන් විපතට පත්වූවන්ට නවාතැන්, ජලය සහ ආහාර නොමැතිව තවත් අර්බුදයක් මතුව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. තුර්කියේ හටගත් භූමිකම්පාව “සියවසේ ව්‍යවසනය” ලෙස එරට ජනාධිපතිවරයා මේ වන විට හඳුන්වාදී තිබෙනවා.