Friday, May 24, 2024

General line - 0115112241

දිල්ලි කණ්ඩායම පැරදූ රෝයල් චැලෙන්ජර්ස්ට IPL ජයක්




ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ දිල්ලි කැපිටල් කණ්ඩායම සමඟ පැවති තරඟය ලකුණු 47කින් ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැන්ගලෝර් කණ්ඩායම සමත්වුණා.

තරඟයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 09ක් දැවී ලකුණු 187ක් රැස්කළා.

රාජට් පැටිඩර් පන්දු 32කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 52ක්.

ඔහුගේ ඉණිමට හයේ පහර 03ක් සහ හතරේ පහර 03ක් ඇතුළත් වුණා.

විලියම් ජැක්ස් ලකුණු 41යි.

විරාත් කෝලි ලකුණු 27ක් රැස්කළා.

පන්දු යැවීමේදී කලීල් අහමඩ් සහ රාසික් සලාම් කඩුලු දෙක බැගින් දවාගත්තා.

ජයග්‍රාහී ලකුණු 188ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි දිල්ලි කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකි වූයේ ලකුණු 140ක් පමණයි.

නායක ඇක්සර් පටෙල් ලකුණු 57ක් රැස්කළා. පන්දු යැවීමේදී යාෂ් ඩෙයාල් ප්‍රතිවාදී කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුණා.