Monday, May 13, 2024

General line - 0115112241

පැය 90ක් තුර්කියේ සුන්බුන් යට සිටි මවක් සහ අලුත උපන් බිළිදෙකු බේරා ගැනේ




තුර්කියට බලපෑ භූ කම්පනයෙන් කඩා වැටුණු ගොඩනැගිලි සුන්බුන් යට පැය 90කට අධික කාලයක් සිර වී සිටි අලුත උපන් බිළිදෙකු සහ මවක් බේරා ගැනීමට සහන සේවකයින්ට හැකි වී තිබෙනවා.

යගේෂ් නම් වූ මෙම බිළිඳාගේ වයස දින 10ක්. දරුවා බේරා ගන්නා අවස්ථාවේ ඡායාරූප සහ දර්ශන විදෙස් මාධ්‍ය වාර්තාකර තිබුණේ එය ආශ්චර්යක් ලෙස විස්තර කරමින්. ඒ, භූ කම්පනය සිදු වී දින 4කට පසු අධික ශ්‍රීත කාලගුණය මධ්‍යයේ තවදුරටත් සුන්බුන් යට ජීවතුන් අතර පිරිස් සිටිය හැකි බවට තැබූ බලාපොරොත්තු හීන වී තිබීම හේතුවෙන්. 

කෙසේවෙතත් භූ කම්පනයෙන් විපතට පත් වූවන් බේරා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මකයි. පැය 90කට පසු බේරාගත් මෙම බිළිදාගේ සහ මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ මෙතෙක් නිල වාර්තා කිසිවක් ලැබී නැහැ. 

මෙම සිද්ධිය වාර්තා වූයේ, සහන සේවකයෙකු විසින් මවගේ මව් කුසට සම්බන්ධ වූ පෙකණිවැලද සමඟ බේරාගත් ‘ආයා’ හෙවත් අරාබි භාෂාවෙන්  “ආශ්චර්්‍යය” ලෙස හඳුන්වන බිළිඳිය හදාවඩා ගැනීම සඳහා ලොව පුරා ලක්ෂ ගණනක් ඉදිරිපත් වෙමින් ඇති පසුබිමකයි.

ඉකුත් සඳුදා ඇතිවූ දරුණු භූ කම්පනයෙන් මේවනවිට ජීවිතක්ෂයට පත්ව ඇතැයි තහවුරු වී ඇති පිරිස 21,000කට අධිකයි.