Monday, May 13, 2024

General line - 0115112241

මේ මාසයේ ඡන්ද වියදම් මිලියන 670ක් මැතිවරණ කොමිසමට මෙතෙක් ලැබී නැතැයි හෙළි වෙයි




පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබීමේ ප්‍රමාදයක් ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා පවසනවා.

නෙත් නිවුස් සමඟ විශේෂ සංවාදයකට එක් වෙමින් සභාපතිවරයා සඳහන් කළේ පෙබරවාරි මාසයට රුපියල් මිලියන 770කට අධික මුදලක් අවශ්‍ය බවයි. එහෙත් මේ දක්වා ආණ්ඩුව විසින් ලබා දී ඇත්තේ රුපියල් මිලියන 100ක් පමණක් බවද මැතිවණ කොමිසමේ සභාපතිවරයා නෙත් නිවුස් වෙත පැවසුවා. 

අධිකරණ තීන්දුව ලැබෙන තෙක් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා වැඩිදුරටත් පැවසුවා.