Sunday, May 12, 2024

General line - 0115112241

රජයේ වියදම්වලට දැඩි සීමා - මුදල් රාජ්‍ය ඇමතිගෙන් අනාවරණයක්




මේවනවිට රාජ්‍ය මූල්‍ය තත්ත්වය ඉතා අයහපත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මේ හේතුවෙන් දැඩි මූල්‍ය පාලනයකින් යුක්තව රාජ්‍ය වියදම් කළමණාකරණය කිරීමට සිදුව ඇති බවයි.

මේවනවිට එදිනෙදා වියදම් වෙනුවෙන් රාජ්‍ය ආයතන විසින් මහා භාණ්ඩාගාරසෙයන් මුදල් ඉල්ලා සිදු කරන ඉල්ලීම් සියයට 35ක් පමණ අඩු වී  ඇති බව ඔහු පැවසුවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් රතුකට්ට විශේෂාංගයට එක් වෙමින්.