Monday, May 6, 2024

General line - 0115112241

ජර්මනිය සහ ඔස්ට්‍රියාව තුර්කි සහන මෙහෙයුම්වලින් ඉවත් වෙයි




දරුණු භූ කම්පනය හේතුවෙන් සුන්බුන් අතර සිරවී සිටින පිරිස් මුදා ගැනීම සඳහා තුර්කියේ ක්‍රියාත්මක සහන සේවා ක්‍රමානුකූලව අඩු කිරීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ඒ, සහන සේවා කටයුතුවල නිරත පිරිස්වල ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු හේතුවෙන්.

සහන සේවා හා ජීවිතාරක්ෂක මෙහෙයුම්වල නිරත වී සිටින පුද්ගලයින් වෙත ද කඩාවැටී ඇති ගොඩනැගිලිවල සුන්බුන් ඇදවැටෙන අයුරු දැක්වෙන් දර්ශන විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා. 

ඒ අනුව මතුව ඇති අවදානම්කාරී තත්ත්වය හේතුවෙන් ජර්මනිය සහ ඔස්ට්‍රියාව තුර්කියේ සහන මෙහෙයුම්වල නිරත සිය කණ්ඩායම් එම කටයුතුවලින් ඉවත් කර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. කෙසේවෙතත් සහන සේවා කටයුතු හා ජීවිතාරක්ෂක මෙහෙයුම් අවසන් වනතෙක් සිය සහන සේවකයින් තුර්කියේ රඳවා තැබෙන බව ඔස්ට්‍රියාව පවසනවා. 

මේ අතර භූමි කම්පාවෙන් විනාශ වී ගිය සිරියාවේ කැරලිකාර කණ්ඩායම්වල පාලනය යටතේ පවතින ප්‍රදේශවල ක්‍රියාත්මක කළ ජීවිතාරක්ෂක මෙහෙයුම් අත්හිටුවා තිබෙනවා. එම සහන සේවාවලට සහභාගී වී සිටි ස්වේච්ඡා සහන සේවකයින් පවසන්නේ භූමි කම්පාවෙන් අනතුරුව පැය 108 ක කාලයක් ගතව යන තුරු ජීවිතාරක්ෂක මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවයි. එබැවින් සුන්බුන් අතර තවදුරටත් දිවිබේරා ගත් පුද්ගලයින් නොමැති බවට විශ්වාස කරන බවයි ඔවුන් පවසන්නේ. 

මේ අතර ඉකුත් සඳුඳා බලපෑ මැග්නිටියුඩ් ඒකක 7 යි දශම 8 ක ප්‍රභල භූ කම්පනය හේතුවෙන් තුර්කියේ සහ සිරියාවේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේවනවිට 28,000 ඉක්මවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.