Monday, May 6, 2024

General line - 0115112241

තුර්කියේ කඩා වැටුණු ගොඩනැගිලි ඉදිකළ කොන්ත්‍රාත්කරුවන්ට වරෙන්තු




තුර්කියට ඉකුත් සඳුදා බලපෑ භූ කම්පනය හමුවේ කඩා වැටුණු ගොඩගැනිලි ඉදිකළ කොන්ත්‍රාත්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව වරෙන්තු 113 ක් මේවනවිට නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. එලෙස වරෙන්තු නිකුත් කෙරුණූ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු 12 දෙනෙකු මේවනවිටත් අත්අඩංගුවට ගෙන ඇතැයි එරට පොලීසිය සඳහන් කළා. 

පැවැති රජයන් යටතේ සිදුවූ දූෂණ සහ අසාර්ථක ප්‍රතිපත්ති හේතුවෙන් තුර්කියේ ඇති බොහෝ අළුතින් ඉදිකළ ගොඩනැගිලි අනාරක්ෂිත බව වසර ගණනාවක් පුරා විශේෂඥයින් අනතුරු අගවා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

අදාළ රජයේ ප්‍රතිපත්ති හරහා ගොඩනැගිලි රෙගුලාසි නොසලකා හරින ලද කොන්ත්‍රාත්කරුවන් සඳහා නීතියෙන් බේරී යාමට අවස්ථාව ලබාදී ඇති බව ද පැවසෙනවා. එබැවින් භූ කම්පනය හමුවේ තුර්කියේ බොහෝ ගොඩනැගිලි විනාශ වී ගියේ ප්‍රමිතියෙන් තොරව සිදුකරන ලද ඉදිකිරීම් කටයුතු හේතුවෙන් ද යන්න මේවනවිට කතාබහට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.