Sunday, May 19, 2024

General line - 0115112241

ජනතාව මත අධික විදුලි බිලක් පැටවීමට හේතුවූ කරුණු ගැන සජබය කතා කරයි

කමල් සුරවීර / රංජිත් රාජපක්ෂ / ප්‍රියන්ත දසනායක




රාජ්‍ය අංශයේ පවතින වැරදි කළමණාකරණය, වංචාව, දූෂණය සහ වැරදි තීන්දු තීරණ හේතුවෙන් අධික විදුලි බිලක් ජනතාව මත පැටවෙන බව සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. ඒ, මහනුවරදී ජනතාව අමතමින්.

මේ අතර විවිධ වර්ගයේ බදු ජනතාව මත පටවමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ මොහොතේදී සාමාන්‍ය ජනතාවගෙන් පළි ගන්නා බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ, අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන රැලියකදීයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ පැවසුවේ ජනතා විමුක්ති පෙරමුණට පාලන බලය ගෙන යා නොහැකි බව ඉතිහාසයෙන්ම ඔප්පු කර ඇති බවයි.