Sunday, May 19, 2024

General line - 0115112241

හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපාට මාස 06 ක සිර දඬුවම්




හිටපු නියෝජ්‍ය අමාත්‍ය මයෝන් මුස්තාපාට කොළඹ මහාධිකරණය විසින් මාස 06 ක සිර දඬුවම් අද නියම කළා.

ඒ, 2010 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට සහය දැක්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්ට රුපියල් ලක්ෂ 42 ක මුදලක් ලබාදීමේ චෝදනාවට වරදකරු කරමින්.

මීට අමතරව විත්තිකරුට රුපියල් පන්සීයක දඩයක් ද නියම කෙරුණු අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබෙන්නේ නම් අමතරව තවත් මාසයක සිර දඬුවම් නියම කරන බවත් තීන්දුවේ සඳහන්. එමෙන්ම වසර හතක කාලයක් විත්තිකරුගේ ප්‍රජා අයිතිය අහිමි කරන බවද නඩු තීන්දුවේ සඳහන් වනවා.