Monday, May 13, 2024

General line - 0115112241

අමෙරිකානු රාජ්‍ය ලේකම් හා චීන විදේශ ඇමති අතර හමුවක්




අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් හා චීන විදේශ අමාත්‍ය වැන් යි අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ, ජර්මනියේ මියුනිච් නුවර පැවැත්වෙන ගෝලීය ආරක්ෂක සමුළුවකට සමගාමීවයි.

චීනය හා අමෙරිකාව අතර පවතින මතගැටුම් වර්ධනය වී ඇති පසුබිමක් තුළ මෙම හමුව සිදුවීම විශේෂත්වයක්. එමෙන්ම බැලූන සිද්ධියක් පදනම් කර ගනිමින් දෙරට අතර පවතින්නේ දැඩි මතභේදාත්මක තත්ත්වයක්.

කෙසේවෙතත් මෙම හමුවේදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා චීනයට අනතුරු අගවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඒ, යුක්රේන යුද්ධයේදී රුසියාවට සහය ලබාදීම සම්බන්ධයෙන්. ඊට අමතරව ඔත්තු බැලීමට යොදා ගන්නා බැලූනයක් මගින් අමෙරිකානු ගුවන් සීමාව උල්ලංඝණය කිරීම ද එහිදී අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා විසින් තරයේ හෙළා දැක ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් මෙම හමුව සම්බන්ධයෙන් හා එහිදී අවධානය යොමුවූ කරුණු සම්බන්ධයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යංශය මෙතෙක් කරුණු දක්වා නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.