Sunday, May 19, 2024

General line - 0115112241

ජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් සජිත්ගෙන් අරගලයක්




මෙරට ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සඳහා ජන අරගලයක් ආරම්භ කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ එම ජන අරගලය හෙටින් ආරම්භ වන බවයි. 

රටට අවශ්‍ය විදෙස් මුදල් සොයා ගැනීම සඳහා අකමැත්තෙන් වුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකගවීමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා. විපක්ෂය නියෝජනය කරන කිසිඳු නායකයෙකුට ඍජු තීරණ ගැනීමට නොහැකි බවයි මාලිගාවත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ. 

ආණ්ඩුවක් පිහිටුවා වංචා දූෂණ නතර කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. දූෂණ, වංචා සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම ද අනිවාර්යයෙන්ම සිදුකළ යුතු බවයි වව්නියාව ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කළේ.