Sunday, May 19, 2024

General line - 0115112241

ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකුට අමෙරිකාවෙන් විශේෂ තැනක්




හූස්ටන් විශ්ව විද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය අමෙරිකාවේ නව නිපයුම්කරුවන්ගේ ජාතික ඇකඩමියේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ලෙස නම් කර තිබෙනවා.

අඩු වියදමින් පිළිකා වැනි රෝගවලට ඖෂධ බවට පත් විය හැකි සංයෝග ගණනාවක් සොයා ගැනීම හේතුවෙන් තමන්ට එම සාමාජිකත්වය හිමි වූ බවයි මහාචාර්ය ගෝමික උඩුගමසූරිය පැවසුවේ. 

තමන් නිපදවූ ඖෂධ බවට පත් විය හැකි සංයෝග කිහිපයක් ඉදිරියේදී සායනික තත්ත්වයට ගැනීමට නියමිත බවද මහාචාර්ය ගෝමික උඩුගමසූරිය වැඩිදුරටත් පැවසුවා. 

හූස්ටන් විශ්ව විද්‍යාලයේ සහ එම් ඩී ඇන්ඩර්සන් පිළිකා පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ගෝමික උඩුගමසූරිය කොළඹ ඩී එස් සේනානායක විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු ද වනවා.