Sunday, May 19, 2024

General line - 0115112241

ඓතිහාසික දෙවනගල පුදබිමේ හටගත් ගින්නක් පාලනය කෙරේ

සමන් විජය බණ්ඩාර




ඓතිහාසික දෙවනගල පුදබිමේ ඊයේ රාත්‍රියේ ගින්නක් පැතිර ගොස් තිබෙනවා. අනතුරුව ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

දෙවනගල පුදබිමේ ප්‍රධාන පිවිසුම පිහිටා ඇති ප්‍රදේශය ආශ්‍රිතව මෙම ගින්න හටගෙන තිබුණා. එම ප්‍රදේශය ආශ්‍රිතව නටඹුන්, ඉපැරණි ස්මාරක ඇතුළු පුරාවස්තු රැසක් ද පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

කෙසේවෙතත් දෙවනගල පුදබිමේ භාරකාර පූජ්‍ය මැදිරිගිරියේ පුණ්‍යසාර හිමියන් පවසන්නේ මෙම ගින්න ස්වභාවික හටගත් ගින්නක් නොවන බවයි. කිසියම් පුද්ගලයෙකු විසින් අදාළ ප්‍රදේශයට ගිනි තබන්නට ඇතැයි සැකකරන බව ද දෙවනගල පුදබිමේ භාරකාර හිමියන් පවසනවා.