Sunday, May 19, 2024

General line - 0115112241

වීරකැටියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයයි

ගුණරත්න ගමගේ




වීරකැටිය, හීන්බුන්න ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ හීන්බුන්න ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණ වී ඇතැයි ද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය මගින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.