Sunday, May 19, 2024

General line - 0115112241

ඖෂධ හිගයට හේතුවක් සෞඛ්‍ය ඇමති හෙළි කරයි

කමල් සුරවීර




ඖෂධ ලබාදීම සිය ප්‍රමඛ අරමුණ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ ඒ සඳහා මේවනවිටත් ක්‍රියාත්මක වෙමින් සිටින බවයි.

ඖෂධ ලබාගැනීම සඳහා ඇති බාධාවන් සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයට අපේක්ෂා කරන බව ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල එහිදී ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කළේ ඖෂධ සැපයුම්කරුවන් සඳහා මේවනවිටත් රුපියල් බිලියන 60 ක පමණ ණය ප්‍රමාණයක් ගෙවීමට ඇති බවයි.

ඒ හේතුවෙන් එම සැපයුම්කරුවන් ඖෂධ සැපයීමට යම් මැලිකමක් දක්වන බව ද අමාත්‍යවරයා මෙහිදී අනාවරණ කළා.