Monday, May 13, 2024

General line - 0115112241

මුදාගැනීමේ මෙහෙයුම් අවසන් කිරීමට තුර්කිය සැරසෙයි




ප්‍රභල භූ කම්පනය හේතුවෙන් විනාශයට පත්වූ ප්‍රදේශවල සිදුකරන මුදාගැනීමේ මෙහෙයුම් අවසන් කිරීමට තුර්කිය සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා.

එරට ආපදා සහ හදිසි කළමනාකරණ ජනාධිපති කාර්යාලය පැවසුවේ භූ කම්පනය සිදුවූ සති දෙකක් පමණ ගතවී ඇති බව හා බොහෝ පළාත්වල සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් අවසන් වී ඇති බවයි.

එබැවින් මුදාගැනීමේ මෙහෙයුම් හෙට රාත්‍රියෙන් අවසන් කරන බවයි තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ ජනාධිපති කාර්යාලය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

තුර්කියට සහ සිරියාවට බලපෑ භූ කම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 46,000 ඉක්මවා තිබෙනවා. ඉන් මරණ 40,642 ක් වාර්තා වන්නේ තුර්කියෙන්. සිරියාවෙන් වාර්තා වන මරණ සංඛ්‍යාව 5,800 ක්.