Monday, May 13, 2024

General line - 0115112241

පෙර දැනුම් දීමකින් තොරව අමෙරිකානු ජනපති හදිසියේ යුක්රේනයට යයි




අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මීට සුළු මොහොතකට පෙර සංචාරයක් සඳහා යුක්රේනයට පැමිණ තිබෙනවා. 
 
අමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම සංචාරය අවසන් මොහොත දක්වා අප්‍රසිද්ධියේ සැලසුම් කර තිබු බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.

අමෙරිකානු ජනාධිපතිවරයා යුක්රේනයට පැමිණ ඇත්තේ රුසියාව විසින් සිය යුක්‍රේනය ආක්‍රමණය ආරම්භ කර පළමු වසර සම්පුර්ණ වීම සනිටුහන් වීමට ආසන්න වෙමින් පවතින අවස්ථාවකදීය.

ඇමෙරිකානු ජනාධිපතිවරයා සහ යුක්‍රේන ජනාධිපතිවරයා අතර හමුවක්ද පවත්වා ඇති අතර එහිදී දිගු දුර මිසයිල ඇතුළු ආයුධ සම්බන්ධයෙන් අවදානය යොමු කර ඇත.

" පසුගිය වසර පුරා, අමෙරිකාව විසින් අත්ලාන්තික් සාගරයේ සිට පැසිෆික් සාගරය දක්වා ජාතීන්ගේ සන්ධානයක් ගොඩනඟා ඇත්තේ පෙර නොවූ විරූ මිලිටරි, ආර්ථික සහ මානුෂීය සහය ඇතිව යුක්රේනය ආරක්ෂා කිරීමට සහය වන අතර එම සහයෝගය අඛණ්ඩව පවතිනු ඇත." යනුවෙන් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර ඇත.

අමෙරිකානු ජනාධිපතිවරයා රැගත් රථ පෙළ යුක්‍රේන අගනුවර වන කිව් වෙත පැමිණෙන විට එය අගුලු දමා තිබෙන අතර අඛණ්ඩව ගුවන් ප්‍රහාර අනතුරු පිලිබඳ හඟවන සයිරන් නළා නාද වූ බවයි එරටින් ලැබෙන වාර්තා සඳහන් කළේ.

මේ අතර අමෙරිකානු ජනාධිපතිවරයාගේ යුක්‍රේන සංචාරය හේතුවෙන් නේටෝ සංවිධානය සිය ගුවන් ප්‍රහාරක බලගණය සීරුවෙන් තබා ඇති බවද වාර්තා වනවා.