Sunday, May 19, 2024

General line - 0115112241

පුංචි ඡන්දය කල්දැමීම ගැන සජබය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි




පළාත් පාලන ඡන්ද විමසීම කල් දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය පවසනවා.

එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ ඡන්දය දිනා ගැනීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් විරෝධතා වැඩසටහන් ද ඉදිරියේදී සංවිධානය කරන බවයි.

ඡන්දය දිනා ගැනීම සඳහා සටන් කිරීමට සූදානමින් සිටින විපක්ෂයේ සියලු පාර්ශව සමඟ එක්ව කටයුතු කිරීමට සූදානම් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් සඳහන් කළා.