Sunday, May 19, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය අද සිට ජනපතිට




පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය අද සිට ජනාධිපතිවරයාට හිමිව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය කැඳවා වසර දෙක හමාරක් ගතවූ පසු පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවනවා.

09 වන පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පැවැත්වුණේ 2020 වසරේ අගෝස්තු 20 වනදායි. ඒ අනුව මෙම වසරේ පෙබරවාරි 20 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු පාර්ලිමේන්තුවේ කාල සීමාව වසර දෙක හමාර ඉක්මවා යන අතර පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ බලය ජනාධිපතිවරයාට හිමිවන්නේ ඒ අනුවයි.

මේ අතර පාර්ලිමේන්තුව අද පෙරවරු 09 යි 30 ට යළි රැස්වීමට නියමිතයි. අද සිට සිකුරාදා දක්වා සෑම දිනකම උදෑසන 09 යි 30 සිට පස්වරු 05 යි 30 දක්වා පාර්ලිමේන්තුවේ රැස්වීම් කටයුතු පැවැත්වීමට නියමිතව තිබෙනවා.