Sunday, May 19, 2024

General line - 0115112241

ඖෂධ හිගය නිසා උග්‍ර වන ගැටළු ගැන සෞඛ්‍ය අංශවලින් පැහැදිළි කිරීමක්




ඉන්දියානු ණය ආධාර ක්‍රමය වැනි කරුණු කිහිපයක් මත පමණක් විශ්වාසය තබා කටයුතු කිරීම හේතුවෙන් ඖෂධ හිගය මගහරවා ගැනීම අභියෝගයක් බවට පත්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ

ඒ හේතුවෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය ඉදිරියට පවත්වාගෙන යාම දිනෙන් දින අසීරු තත්ත්වයකට පත්ව ඇති බවයි. 

ජලභීතිකා රෝගය සඳහා ලබාදෙන එන්නත් හිගය සම්බන්ධයෙන් ද වෛද්‍ය චමිල් විජේසිංහ අදහස් දැක්වුවා. 

පවතින ඖෂධ සහ අනෙකුත් සම්පත් හිගය හේතුවෙන් බෝවන රෝගවලින් හැකිතාක් ආරක්ෂාවීමට ජනතාව වඩාත් අවධානය යොමු කළ යුතු බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ. 

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ. 

ජලභීතිකා මර්ධන සුනඛ එන්නත්කරණය, ඩෙංගු රෝග මර්ධනය වැනි වැඩසටහන්වලට එල්ල වී ඇති බාධා සම්බන්ධයෙන් ද ශ්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා මෙහිදී කරුණු දැක්වුවා.