Sunday, May 19, 2024

General line - 0115112241

සංචාරක කර්මාන්තය ගැන සුබවාදී බලාපොරොත්තුවක්




මෙම වසර තුළ විදේශීය සංචාරකයින් පහළොස් ලක්ෂයකට අධික පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමේ ඉලක්කය සාර්ථක කර ගැනීමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.

එහි සභාපති චලක ගජබාහු නෙත් නිවුස් වෙත කියා සිටියේ මෙම වසරේ ගතවූ කාලසීමාව තුළ සංචාරකයින් එක්ලක්ෂ 70,000 ක් පමණ මෙරටට පැමිණ ඇති බවයි. 

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීම සංචාරක කර්මාන්තයේ වර්ධනයට වැදගත් සාධකයක් වන බව ද සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.