Sunday, May 19, 2024

General line - 0115112241

සභාවේ විරෝධතාවයක් : පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තබයි 




පළාත් පාලන මැතිවරණය කල් දැමීම රජය දරන උත්සාහයට එරෙහිව පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ මේ වන විට විරෝධතාවයක් දියත් කර තිබෙනවා.

සභාව මැදට පැමිණි විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිවරණය පවත්වන ලෙස ඉල්ලමින් සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරත වෙමින් සිටිනවා.

මේ අතර පාර්ලිමේන්තුව හෙට පෙරවරු 9.30 දක්වා කල් තබනු ලැබුවා.