Sunday, May 19, 2024

General line - 0115112241

ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතකින් නීතිගත කිරීමට තීරණයක්




ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මගින් නීතිගත කිරීමට හැකිවන පරිදි පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීතිකෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

ඉකුත් ජනවාරි 12 වනදා ශ්‍රේෂඨාධිකරණය ලබාදුන් තීන්දුවක් මගින් ජාතික ආරක්ෂක මණ්ඩලය ව්‍යවස්ථාපිත පදනමක් මත සහ පැහැදිළි සංයුතියකින් යුතුව ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව නිර්දේශ කර තිබෙනවා.

ඉහත යෝජනාව ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ ඒ අනුවයි. ඒ සම්බන්ධයෙන් අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන.