Sunday, May 19, 2024

General line - 0115112241

විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රි කණ්ඩායමට සිදුවූ අසාධාරණයක් ගැන පාර්ලිමේන්තුවේදී වාද විවාද




රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රි කණ්ඩායමේ නියෝජනයක් නොමැතිවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී විරෝධයක් එල්ල වුණා. ඒ, පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණු අවස්ථාවේදී කථානායකවරයා විසින් එම කාරක සභාව සඳහා නම් කළ මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් සභාවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

එම අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිධූරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ නම යෝජනා කරන බවයි. 

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට සිය කණ්ඩායම නියෝජනය කරන කිසිඳු මන්ත්‍රිවරයෙකු නම් නොකිරීම සම්බන්ධයෙන් මොහොමඩ් මුසම්මිල් සහ විමල් වීරවංශ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එහිදී විරෝධය පළ කළේ මෙලෙසයි.