Sunday, May 19, 2024

General line - 0115112241

මඩ පොහොර රැගත් නෞකාවක් ලබන මාසයේදී මෙරටට 




යල කන්නයේ වී වගාව සඳහා අවශ්‍ය මඩ පොහොර හෙවත් ටී එස් පී පොහොර මෙට්ට්‍රික් ටොන් 36,000 ක් රැගත් නෞකාවක් ලබන මස 20 වන දිනට ආසන්න දිනක මෙරටට ලගාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා. 

එක්සත් ජාතීන්ගේ ආහාර කෘෂිකර්ම සංවිධානයේ මූල්‍යාධාර යටතේ එම මඩ පොහොර තොගය මෙරට ගොවීන්ට නොමිලේ ලබාදීමට කටයුතු යොදා ඇති බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.

සියලුම ගොවීන්ට යල කන්නයේ වී වගාවට අවශ්‍ය මඩ පොහොර සම්පූර්ණ ප්‍රමාණයම නොමිලේ ලබාදීමට රජය තීරණය කර ඇති බවයි කෘෂිකර්ලම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙන්නේ.