Sunday, May 19, 2024

General line - 0115112241

ගිනිගත්හේනේ වතු නිවාස පෙළක ගින්නක්

රංජිත් රාජපක්ෂ




ගිනිගත්හේන පොලිස් වසමේ කෙනිල්වර්ත් වතුයායේ වතු නිවාස පේළියක හටගත් ගින්නකින් නිවාස 04 ක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. එම නිවාසවල පදිංචි වතු කම්කරුවන් සේවයට ගොස් සිටියදී අද උදෑසන 10 ට පමණ එම ගින්න හට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

එම වතු නිවාස පේළිය නිවාස 48 කින් සමන්විත වනවා. පැතිරයමින් තිබූ ගින්න ගිනිගත්හේන පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ වතුකම්කරුවන් එක්ව පාලනය කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.

ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති අතර පවුල් 04 කට අයත් සාමාජිකයින් 28 දෙනෙකු අවතැන්ව සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.