Sunday, May 19, 2024

General line - 0115112241

බදු බරට එරෙහි සටනට වෘත්තීයවේදීන් අද යළි කොළඹට




රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීයවේදීන්ගේ විරෝධතාවක් අද දහවල් කොළඹදී පැවැත්වෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පැවසුවේ වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන වෘත්තීය සමිති 40 කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයින් ඊට එක්වීමට නියමිත බවයි. 

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න පැවසුවේ සිය සංගමය ද එම විරෝධතාවට එක්වන බවයි.