Sunday, May 19, 2024

General line - 0115112241

සභිකයින් 1137ක ගේ පක්ෂ සාමාජිකත්වය එජාපය අහෝසි කරයි




පළාත් පාලන ආයතන සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත්ව වෙනත් පක්ෂයකට සහාය දැක්වූ සභිකයන්  1,137 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබෙනවා. ඒ, සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී ගත් ඒකමතික තීන්දුවකට අනුවයි.  

මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා 341 කට එක්සත් ජාතික පක්ෂයෙන් 2018 වර්ෂයේදී තේරි පත්වූ මන්ත්‍රීවරුන් පිරිසකගේ එලෙස පක්ෂ සාමාජිකත්වය අහෝසි කර තිබෙනවා. එම පිරිස ඉදිරි පළාත් පාලන මැතිවරණයට ද වෙනත් පක්ෂවලින් නාම යෝජනා භාරදී ඇති බවයි එක්සත් ජාතික පක්ෂය පැවසුවේ. 

සමාජිකත්වයෙන් ඉවත් කළ පිරිසෙන් 300 ක පමණ පිරිසක් නිදහසට කරුණු දැක්වීම සඳහා අවස්ථාව ඉල්ලා තිබුණා. එහෙත් එය නොසලකා සියළු දෙනා ඉවත් කිරීමටයි එක්සත් ජාතික පක්ෂ කෘතාධිකාරි මණ්ඩලය තීන්දු කළේ.

මෙතෙක් පළාත් පාලන ආයතන නිල කාලය අවසන්ව නොමැති බැවින් පක්ෂය විසින් ඉදිරියේදි නව සභිකයන් 1,137 දෙනෙකු පළාත් පාලන ආයතන වෙත පත් කිරීමට නියමිතව තිබෙනවා.