Saturday, May 18, 2024

General line - 0115112241

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි




මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර පළාතේ ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව අද උදෑසන නිකුත් කෙරුණු කාලගුණ අනාවැකියේ සඳහන්. දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි රහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 ක් දක්වා වැඩිවිය හැකි බවද එම කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් දැක්වෙනවා.