Saturday, May 18, 2024

General line - 0115112241

එළවළු මිල තවත් පහළ යයි




එළවළු මිල ගණන්  අඩු වීම නිසා ගොවීන් දැඩි  පීඩාවට පත්ව ඇති බව සමස්ත ලංකා ආර්ථික මධ්‍යස්ථාන එකමුතුව පවසනවා.

බෝංචි තොග මිල රුපියල් 200 ක් වැනි අඩු මිලකට කැප්පෙටිපොල සහ නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානවල අලෙවි වෙන බව වාර්තා වේ.

මැනිං වෙළඳපොලේ බෝංචි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 330 ත් 360 ත් බව වෙළෙන්දන් පැවසුවේ.

කැරට් කිලෝග්‍රෑමයක් රුපියල් 150 ක අඩු තොග මිලකට සටහන් වී ඇති අතර වට්ටක්කා කිලෝග්‍රෑමයක තොග මිල ද රුපියල් 70 ට වඩා අඩුවී ඇත.

ආනයනික අර්තාපල් මිල ද රුපියල් 160 කට අඩු අගයක් වූ අතර මැනිං වෙළඳපොලේ දේශීය අර්තාපල් රුපියල් 200 ත් 240 ත් අතර මිලකට අලෙවි වන බව වෙළෙදුන් වැඩිදුරටත් සඳහන් කර සිටියා.