Saturday, May 18, 2024

General line - 0115112241

රට තුල තවත් භූමිකම්පාවක්




බුත්තල සහ වැල්ලවාය ප්‍රදේශ ආශ්‍රිතව භූකම්පනයක් සිදුව තිබෙන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සුනාමි පුර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

මැග්නිටියුඩ් 3.3 ක ප්‍රබලත්වයෙන් යුත් මෙම භූමිකම්පාව සිදුව ඇත්තේ පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 7-8ක් අතර ගැඹුරින් බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ.

මෙම භූමිකම්පාව අද පෙරවරු 11.44ට පමණ සිදුව ඇත.