Saturday, May 18, 2024

General line - 0115112241

රාජ්‍ය අමාත්‍යවරුන්ට වාහන ගෙනාවාද ?

චින්තක බාලසූරිය




ලියකියවිලිවල ගැටලු පැවතිය ද ඒවා පසුව සම්පූර්ණ කිරීමේ පදනමින් වරායට ලැබෙන ආනයනික ඖෂධ තොග කඩිනමින් සෞඛ්‍ය අමාත්‍යංශයට මුදාහරින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

රුපියල් කෝටියක රේගු බද්දක් නොගෙවීම හේතුවෙන් ඖෂධ තොගයක් සතියක කාලයක සිට වරායේ රඳවාගෙන සිටින බවට පළවන වාර්තාවලට ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

රාජ්‍ය අමාත්‍යවරුන් වෙනුවෙන් වාහන 239 ක් ආනයනය කර ඇති බවට විපක්ෂය එල්ලකරන චෝදනාවලට ද රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රතිචාර දැක්වුවා.