Saturday, May 18, 2024

General line - 0115112241

විදුලි ගාස්තු වැඩි කිරීමේදී තිරසාර සංවර්ධන ඉලක්කත් කඩකර ඇති බවට චෝදනා




අඩු වියදමක් යටතේ විදුලිය නිෂ්පාදනය නොකිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලයේ ජේ්‍යෂ්ඨ ඉංජිනේරුවන් මෙන්ම අදාළ පාර්ශව වගකිව යුතු බව එම මණ්ඩලයේ ජේෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නන්දික පතිරගේ පවසනවා.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

නෛතික අවශ්‍යතාවයන් පිළිබඳව අවධානය යොමු නොකරමින් විදුලි ගාස්තු ඉහළ දමා ඇති බවයි එහිදී අදහස් දැක්වූ ජීව බලශක්ති සංගමයේ හිටපු සභාපති ඉංජිනේරු පරාක්‍රම ජයසිංහ පැවසුවේ.