Sunday, May 19, 2024

General line - 0115112241

රාජ්‍ය බුද්ධි අංශයට ගිය අවි සහිත අමෙරිකානු නියෝජිතයින් පිරිසක් ගැන මැති සබයේදී අනාවරණයක්




ගුවන් යානා දෙකකින් විසිදෙනෙකුගෙන් සමන්විත අමෙරිකානු නියෝජිතයින් පිරිසක් දිවයිනට පැමිණියේ කුමක් සඳහාදැයි හෙළි කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පාර්ලිමේන්තුවේදී අද ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුවේ ඉදිරියේදී ඒ පිළිබඳ කරුණු දැක්වීමට කටයුතු කරන බවයි.

මේ සම්බන්ධයෙන් පාර්මේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, විදේශ අමාත්‍ය අලි සබි්‍රගෙන් ද විමසීමක් කළා. 

පළත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ද අද දිනයේදී පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. මේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල.

කෙසේවෙතත් අද පාර්ලිමේන්තුවේ පැවතියේ කොළඹ වරාය නගරය, ආර්ථික කොමිෂන් සභා පනත යටතේ වන නියෝග කිහිපයක් අනුමත කිරීම සඳහා වූ විවාදයයි.

එහෙත් එලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල විවාදයේදී අදහස් දැක්වූයේ පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් පමණයි. මාතෘකාවට අදාලව විවාදයේදී අදහස් නොදැක්වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ලට මෙලෙස අදහස් පළ කළා.